Monday, February 23, 2026
Follow Us
මත්පැන් අලෙවිසැල් අනිද්දා වැසේ

නිදහස් දින සැමරුම් උළෙල නිමිත්තෙන් මස් මාංශ අලෙවිසැල් හා සුරාසැල් වසා තැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා.



පෙබරවාරි 04 වනදාට යෙදී ඇති 74 වන නිදහස් දින සැමරුම් උළෙල විශේෂ අවස්ථාවක් ලෙස සලකා එදිනට දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තබන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශය දැනුම්දී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

එදින දිවයින පුරා පිහිටි සුරාසැල් සහ බලපත්‍ර හිමි සෙසු සියලුම මත්පැන් අලෙවි මධ්‍යස්ථාන වසා තබන ලෙස දන්වා ඇති බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

(Neth)