ඡන්ද විමසීමක් පැවැත්වීමට බෙහෙවින් ආසන්න සහ මැතිවරණ උණුසුම පැතිර යමින් පවතින මෙම කාලසීමාව තුළ නීතිවිරෝධී ක්‍රියාවලට කිසිදු ආකාරයක දායකත්වයක් ලබානොදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දන්වා තිබේ.
එම කොමිසම නිවේදනය කළේ ඊට අදාළ දැනුවත් කිරීම් මේ වනවිටත් සියළු අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන්, දිසාපතිවරුන්, ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන්, පළාත් පාලන සහ නාගරික කොමසාරිස්වරුන් මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමුකර ඇති බවයි.
ඒ අනුව ඡන්ද විමසීම්වලට අදාළව සහ දේශපාලන ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ සේවකයන්, රජයේ වාහන සහ රජය සතු උපකරණ යොදා ගැනීමෙන් වළකින ලෙස ඔවුන් දැනුවත් කර ඇති බව ද සදහන්.
එවැනි තත්ත්වයන් පිළිබඳව මේ වනවිටත් පැමිණිලි ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.
එසේම, මහජන මුදල් විශාල වශයෙන් වැය කරමින් රජයේ සංවර්ධන කාර්යයන් පිළිබඳව දැන්වීම් පළ කිරීම සහ ප්‍රචාරක පුවරු, බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන්ද එම කොමිසම රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කර තිබෙනවා.
එවැනි කටයුතු රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් ලෙසයි ඔවුන් දන්වා ඇත්තේ.
(Dinamina)