Monday, May 06, 2024
Follow Us
ඩොලර් අවුලෙන් ගල් අගුරු බලාගාරත් අර්බුදයක

පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ගල්අගුරු විදුලිබලාගාර පවත්වාගෙන යාම ද ගැටළු සහගත වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි සභාපති එම් එම් සී ෆර්ඩිනෑන්ඩු නෙත් නිවුස් වෙත පැවසුවේ ගල් අගුරු මිලදී ගැනීමට ඩොලර් නොමැතිවීම ඊට ආසන්නතම හේතුව බවයි.

ගල් අගුරු ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී ඒ සඳහා ද කිසිවෙකු ඉදිරිපත් නොවන බවයි ඔහු සඳහන් කළේ.

ලංකා විදුලිබල මණ්ඩලයට ලැබෙන ආදායම් අඩුවීම හේතුවෙන් ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවට ද මුදල් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් මේවනවිට උදාවී තිබෙනවා.

මේ හේතුවෙන් තවදුරටත් ණය මුදලට ඉන්ධන ලබාදිය නොහැකි බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ ප්‍රකාශ කළේ.

ගතවූ අවුරුදු 02 ක කාලයේදී අයවිය යුතු මුදල් ලංකා විදුලිබල මණ්ඩලයට ලැබී නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනෑන්ඩු සඳහන් කළා.

කෙසේවෙතත් කප්පාදුවකින් තොරව විදුලි සැපයුම ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය සැමවිටම උත්සහ දරන බවයි එහි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


(Neth)