Monday, May 06, 2024
Follow Us
ගිය අවුරුද්දේ බාර් පර්මිට් 150ක් දීලා

අරක්කු බෝතල් 7% ක ප්‍රමිතයක් නෑ


පසුගිය වසරේදී මත්පැන් බලපත්‍ර 150 ක් ලබාදී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සහ අවන්හල් සඳහා මින් බලපත්‍ර වැඩිම ප්‍රමාණයක් නිකුත් කර ඇති අතර එම සංඛ්‍යාව 81කි.

ඊට අමතරව සුපිරි වෙළෙඳසල් සඳහා බලපත්‍ර 69 ක් පසුගිය වසරේදී නිකුත් කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පැවැසීය.

කෙසේ වෙතත් සාමාන්‍ය මත්පැන් අලෙවිසල් ( නගරවල) විවෘත කිරීමට එකම බලපත්‍රයක් හෝ 2015 වසරෙන් පසු නිකුත් කර නැතැයි ඔහු සඳහන් කරයි.

ප්‍රමිතියක් නැති මත්පැන් බෝතල් සියයට හතක් පමණ වෙළෙඳපොළේ පවතිය හැකි බව ඔහු පව්සායි.

මේ අතර මත්පැන් අලෙවිසල්වල මත්පැන් බෝතල්වල ස්ටිකර්හෝ ඩිජිටල් සලකුණු ඇතුළත් කිරීමේ කටයුතු ලබන සතියේදී අරඹන අතර
ලබන අප්‍රේල් මස 1 වැනිදායින් පසු මෙරට වෙළෙඳපොළේ ස්ටිකරය හෝ ඩිජිටල් සලකුණ නොමැති මත්පැන් බෝතල් තිබිය නොහැකි බව ගුණසිරි මහතා වැඩිදුරටත් පැවසීය

(Aruna)