Monday, February 23, 2026
Follow Us
රූපවාහිනි සංස්ථාවට නව සභාපතිවරයෙක්

රෙජිනෝල්ඩ් කුරේ ඉල්ලා අස්වෙයි


රූපවාහිනි සංස්ථාවේ සභාපති ලෙස ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන මහතා පත් කර තිබේ.

මීට පෙර රූපවාහිනි සංස්තාව සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා එම තනතුරින් අද (06) දහවල් ඉල්ලා අස්විය.

රෙජිනෝල්ඩ් කුරේ මහතා රූපවාහිනි සංස්ථාවේ සේවකයින් අමතමින් කෙටි ප්‍රකාශයක් කර සිය කාර්යාලය සහ නිල රථය භාරදී දහවල් 12.30ට පමණ රූපවාහිනි සංස්ථා පරිශ්‍රයෙන් පිටව ගොස් ඇති බවට වාර්තා වේ.
රජයේ මාධ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ ඉහළ නිලතල වෙනස් කිරීමට රජය ගත් තීරණයක් අනුව රූපවාහිනි සංස්ථා සභාපතිවරයා ද මාරු කිරීමට නියමිතව තිබිණ.

(Aruna)