Tuesday, February 24, 2026
Follow Us
ත්‍රිකුණාමල තෙල් ටැංකි ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළව දැනට ඉන්දීය රජය සමග පවතින ගිවිසුම් ත්‍රිත්වය රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මඟින් සමාලෝචනය කර ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට දෙරට විසින් එකඟතාවයකට එළඹ තිබෙනවා.

ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකි 24ක් වෙන් කිරීමටත්, ලංකා IOC සමාගම දැනටමත් භාවිතයට ගනිමින් පවතින පහළ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 14ක් එම සමාගමේ ව්‍යාපාර කටයුතු සඳහා වෙන් කිරීමටත් නියමිතයි.

ඉතිරි තෙල් ටැංකි 61 ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට 51%ක් හා ලංකා IOC සමාගමට 49%ක් කොටස් අයිතිය හිමිවන ලෙස ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නමින් ස්ථාපිත කරනු ලැබු සමාගම මඟින් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත් බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා.

(Aruna)