Tuesday, February 24, 2026
Follow Us
කිඹුලෙකු දෙහිවල මුහුදු ප්‍රදේශයට පැමිණීම සාමාන්‍ය සිද්ධියක් - වනජීවී දෙපාර්තමේන්තුව

කිඹුලෙකු දෙහිවල මුහුදු ප්‍රදේශයට පැමිණීම සාමාන්‍ය සිද්ධියක් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර පැවසුවේ ඇතැම් කිඹුලන් මුහුද හරහා තම වාසස්ථාන වෙත ගමන් කිරීම සිදුවන තත්ත්වයක් බවයි.

කෙසේවෙතත් දෙහිවල ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය පිළිබඳ සොයා බැලීමට තම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ප්‍රදේශයට ගිය බවද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

දෙහිවල මුහුදු ප්‍රදේශයේදී කිඹුලෙකු සපා කෑමෙන් පුද්ගලයෙකුට ඊයේ දිවි අහිමි වුණා. මෙලෙස මිය ගොස් තිබුනේ විසිතුරු මසුන් අල්ලන කිමිදුම්කරුවෙක්.

කිමිදුම්කරුවාගේ මියයෑමත් සමග දෙහිවල මුහුද අවට ජනතාව මහත් භීතියට පත්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

(Neth)