Tuesday, February 24, 2026
Follow Us
ජාතික පාසැල්වල විදුහල්පති පුරප්පාඩු පියවීමේ සම්මුඛ පරීක්ෂණ අවසන් අදියරට

පුරප්පාඩු පවතින ජාතික පාසැල්වල විදුහල්පති තනතුරු 92 ක් සඳහා මේ වන විට සම්මුඛ පරීක්ෂණ බොහොමයක් සිදු කර අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා නෙත් නිවුස් වෙත පැවසුවේ ඉතිරි සම්මුඛ පරීක්ෂණ අවසන්වූ වහාම එම ජාතික පාසැල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පියවීමට කඩිනමින් පියවර ගන්නා බවයි.

ජාතික පාසැල් 92 ක විදුහල්පති තනතුරු සඳහා මේවනවිට අයදුම්පත් 373 ක් ලැබී ඇති බවද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළා.

(Neth)