Tuesday, February 24, 2026
Follow Us
විදුලි බල අමාත්‍යංශයේ වැය බරත් වැඩිවෙයි - විදුලි බිල වැඩි නොකරන බවට ප්‍රකාශයක්

රට තුළ පවතින තත්ත්වය හමුවේ විදුලි ජනනය සඳහා වැයවන පිරිවැය ද ඉහළ ගොස් ඇතැයි විදුලිබල අමාත්‍යංශය පවසනවා. කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බවයි විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ.

ලංකා විදුලිබල මණ්ඩලය සිය සේවාවන් සපයනු ලබන්නේ ලාභ ලැබීමේ පරමාර්ථයෙන් නොවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

(Neth)