Tuesday, February 24, 2026
Follow Us
මත්ද්‍රව්‍ය සම්බන්ධ වාර්තා ලබාදීමේ කාලය සති දෙකක් දක්වා අඩු කිරීමට සැලසුම්

මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවලදී ඊට අදාළ වාර්තා රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් ලබාගැනීමේ කාලය සති දෙකක් දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.

මේ වනවිට අදාළ වාර්තා ලබාගැනීමට ගතවන කාලය මාස 8 ක් පමණ වනවා. එය මාසයක් දක්වා අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. එය සති දෙකක් දක්වා අඩු කිරීම තුළින් චෝදනා ලබන පුද්ගලයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කාර්යක්‍ෂම වන බවයි අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ.

(Neth)