Tuesday, February 24, 2026
Follow Us
විදුලි කප්පාදුව ගැන නිවේදනයක්

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද දිනයේද සවස 06ත් රාත්‍රී 09.30 ත් අතර කාලය තුළ විනාඩි 45ක් පමණ කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ නොරොච්චෝලේ ගල්අගුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර 02ක් අක්‍රිය වීම හේතුවෙන් එලෙස ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවයි.

(Neth)