Tuesday, February 24, 2026
Follow Us
මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට සහ මහ බැංකු අධිපතිට කැඳවීමක්

මීළඟ කැබිනට් මණ්ඩලය හමුවට මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල කැඳවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි වාර්තා වනවා. ඒ, ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සහ රටේ ඉදිරි ගමන සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු ලබා ගැනීමට මහ බැංකු අධිපතිවරයා හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කැබිනට් මණ්ඩලය හමුවට කැඳවන බවට වාර්තා පළ වූයේ මීට සති කිහිපයකට පෙරයි. එහෙත් මෙතෙක් පැවති කිසිදු කැබිනට් රැස්වීමකට ඔවුන් සහභාගී වූවාදැයි නිළ වශයෙන් වාර්තා වූයේ නැහැ.

(Neth)