Tuesday, February 24, 2026
Follow Us
ඉන්ධන මිල ඉහළට

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 177යි


මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 177කි.

එසේම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව එහි නව මිල වනුයේ රුපියල් 207ක්.

ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වනුයේ රුපියල් 121කි.

සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 159ක් ලෙසය.

මේ අතර භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 87කි.

(Aruna)