Tuesday, February 24, 2026
Follow Us
සපුගස්කන්ද යළි වැසෙන ලකුණු

ඇණවුම් කළ බොරතෙල් තවම නෑ


සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමේ අවදානමක් මතුව තිබෙන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

තෙල් පිරිපහදුව සඳහා ඇණවුම් කළ බොරතෙල් මෙරටට ළඟා වීමේ ප්‍රමාදයක් හේතුවෙන් එම අවදානම මතුව ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය, .

බොරතෙල් ඇණවුම් කර මෙරටට ගෙන්වීමට සාමාන්‍යයෙන් ගතවන කාලය දින 90 කි.

පසුගිය සමයේ විදේශ විනිමය ගැටලුව හේතුවෙන් බොරතෙල් ඇණවුම් කිරිම ප්‍රමාද වූ බව එම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ අනුව දැනට ඇණවුම් කර ඇති බොරතෙල් ලබන ජනවාරි 25 වැනිදා වනවිට පමණ මෙරටට ලැබීමට නියමිත ය.

එම තත්ත්වය තුළ බොරතෙල් මෙරටට ලැබෙන තුරු ජනවාරි මුල් සතියේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමේ අවදානමක් මතුව ඇතැයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය.

(Aruna)