Tuesday, February 24, 2026
Follow Us
ක්‍රීඩා ඇමතිගෙන් සැර ප්‍රකාශයක්

විනය කඩ කරන ක්‍රීඩකයින්ට මෙන්ම විනය කඩ කරන ක්‍රීඩා පරිපාලකයින්ට එරෙහිවද උපරිම දඬුවම් ලබාදීමට තමන් පසුබට නොවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සියවස් සමරු නිල ලාංඡනය එළිදැක්වීමේ අවස්ථාවට කොළඹදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

ලබන වසරේදී කොළඹ ටොරින්ටන් ක්‍රීඩා පිටිය සඳහා කෘත්‍රිම ධාවන පථයක් එලීමේ කටයුතු ආරම්භ කරන බවද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙහිදී සඳහන් කළා.

(Neth)