Sunday, December 22, 2024
Follow Us
මිහින්තලය විසි හතර පැයම ආලෝකවත් කිරීමට අගමැතිගෙන් උපදෙස්

මිහින්තලය පුද බිම ප්‍රථම වතාවට පැය විසි හතර මුළුල්ලේම ආලෝකවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත ලංකා විදුලි පෞද්ගලික සමාගම පියවර ගනී. සමාජ වගකීම් ව්‍යාපෘථියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මේ සඳහා රුපියල් මිලියන 275 ක් වෙන් කර තිබේ.

මේ යටතේ අනුරාධපුර අටමස්ථානය, රුවන්වැලි මහා සෑය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රමුඛ මිහින්‍තලේ ලෝක උරුම ස්ථානය සංවර්ධනය කෙරේ. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමද මෙමගින් ඉලක්ක කෙරෙන අතර රාත්‍රිය පුරා ආලෝකමත් වීම නිසා අනුරාධපුරය සංචාරකයින්ගේ රාත්‍රී නවාතැන් ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමද අරමුණ වී තිබේ.

මේ ව්‍යාපෘථිය සම්බන්ධයෙන් පෙරේදා පැවැත්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අගමැතිවරයා කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබේ.

මේ අනුව අටමස්ථානයට අයත් ජයසිරි මහ බෝධිය , රුවන්මැලි සෑය, ථූපාරාම, ජේථවනාරාමය, අභයගිරිය, මිරිසවැටිය, ලෝවාමහාපාය, ලංකාරාමය යන පූජනීය ස්ථාන රාත්‍රි කාලයේ ආලෝකවත් කිරිම මගින් ඓතිහාසික මිහින්තලයට පැමිණෙන සංචාරකයන්ට මුළු රාත්‍රියෙහිම වුවද අටමස්ථානය දැක බලා ගැනීමට හැකි වන බව බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

ඓතිහාසික මිහින්තලා පූජා භුමිය හා අටමස්ථානය රාත්‍රිය පුරා ආලෝකවත් වන්නේ ඉතිහාසයේ පළමු වතාවට බවදඇමැතිවරයා කීවේය.

(Dinamina)