ජාතික පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීමේදී රජයට ආදායම් බදු ගෙවන පුද්ගලයන්ගේ දරුවන්ට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ආදායම් බදු ගෙවන්නන්ගෙන් ජාතික ආර්ථිකය සඳහා ලැබෙන දායකත්වය ඇගයීම සහ ඔවුන් දිරිගැන්වීම මෙම වැඩපිළිවෙළේ අරමුණ වේ. ඊට අමතරව ආදායම් බදු ගෙවිය යුතු එහෙත් මේ වනවිට ආදායම් බදු නොගෙවන පුද්ගලයන් දිරිගැන්වීම ද මෙහි තවත් අරමුණකි.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඇතුළු මීට අදාල ආයතනවල සහයෝගය ද ලබාගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක සකස් කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.
කෙසේ වෙතත් මෙය කෙතරම් සාර්ථක වේද යන්න සැක සහිතය. ආදායම් බදු ගෙවන්නන් යනු සමාජයේ වරප්‍රසාදලාභී ධනවත් හා ඉහළ මැද පංතිය නියෝජනය කරන්නන්ය. වරප්‍රසාද සහිත පුද්ගලයන්ට තව තවත් අවස්ථාව හිමිවීම හරහා වරප්‍රසාද අහිමි මැද පංතියේ සහ පහළ පන්තියේ සාතිශය බහුතරයට මින් සිදුවන්නේ අසාධාරණයකි.
(LNW)