Sunday, July 06, 2025
Follow Us
කොළඹ උ/පෙළ සිසුන්ට එන්නත ලබාගත හැකි ස්ථාන

කොළඹ උ/පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක්


කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කලාපවල අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට එළඹෙන සිකුරාදා දිනයේ දී ෆයිසර් එන්නත ලබාදීමට නියමිතයි.

වයස අවුරුදු 18 හා 19 වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම එළඹෙන 21 වනදා පාසල්වලදී සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් සකස් කර තිබේ.

එහි නියමු ව්‍යාපෘතිය ලෙස මෙම වැඩසටහන එළඹෙන 15 වන සිකුරාදා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

සියලුම සිසුදරු දැරියන් හැඳුනුම්පත සමග එන්නතකරණ වැඩසටහනට සහභාගී විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ, අතිරේක ලේකම්, එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි.

“දුවලා පුතාලා හොඳට මතක තියා ගන්න ඔයාලගේ හැඳුනුම්පත අරන් එන්න. ඔබගේ විදුහල්පතිතුමාගෙන් විමසන්න පුළුවන් කොතනට ද එන්න ඕනේ කියලා. මොකද සමහර සෙන්ටර්ස් අපි පාසල් 3 – 4 කට එක සෙන්ටර් එකක් දාලා තියෙනවා. විශේෂයෙන් අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්න දරුවන් ට එන්න වෙන්නේ අර සෙන්ටර් එකට. සෞඛ්‍ය අමාත්‍යාංශ හා අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් සයිට් එකෙත් මේ නිවේදනය පළ කරනවා.”

එන්නත් ලබාගත හැකි ස්ථාන පහතින්…
*හෝමාගම කලාප කාර්යාලය
*කොළඹ කලාප කාර්යාලය
*ජයවර්ධනපුර කලාප කාර්යාලය
*පිළියන්දල කලාප කාර්යාලය

(Aruna)