Saturday, May 10, 2025
Follow Us
කසළ නිසා කොළඹ නගර සභාව සසළ වෙයි

කොළඹ නාගරික සීමාවේ උද්ගතව ඇති කසළ ප්‍රශ්නය හේතුවෙන් කොළඹ මහ නගර සභාව දැඩි අර්බුදයකට පත්ව තිබෙනවා. ඒ නාගරික සීමාවේ එක්රැස් වන කසළ ඉවත් කිරීම සඳහා විශාල අමතර පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙනි.

මේ වනවිට එකතු වන කසල පුත්තලම අරුවක්කාලු කසල අංගනය වෙත ගෙනයාමට සිදුව ඇති අතර ඒ සඳහා කොළඹ මහ නගර සභාවට එක් දිනක් සඳහා පමණක් දැරීමට සිදුවන පිරිවැය රුපියල් ලක්ෂ 30 කි.

කොළඹ සිට අරුවක්කාලු වෙත කසල ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය සේවය භාවිතා කිරීමට නියමිතව තිබූ නමුත් ඊට අවශ්‍ය පහසුකම් මේ වනතෙක් සම්පූර්ණ කර නොමැත. ඒ අනුව මේ වනවිට කසල ප්‍රවාහනය සිදු කරන්නේ ටිපර් රථ භාවිතයෙනි.

(LNW)