මහනුවර ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සාර්ථකව අවසන් කළ බව දැක්වෙන පෙරහර සංදේශය දියවඩන නිලමේතුමන් ප්‍රමුඛ සතර මහ දේවාළ බස්නායක නිලමේවරු අද (15) පස්වරුවේ පෙරහරින් මහනුවර ජනපති මන්දිරයට ගොස් ජනපතිවරයා වෙත පිළිගැන්වීමෙන් පසු මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත් වෙයි.
දවල් පෙරහර ගෙවැදීමෙන් පසු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පමුඛ බස්නායක නිලමේවරු පෙරහර සංදේශය ජනපතිවරයා වෙත පිළිගැන්වීම සිදු කරයි.
පෙරහර සංදේශය පිළිගැන්වීමෙන් අනතුරුව මහනුවර ඇසැළ පෙරහරට සම්බන්ධවී විශිෂිඨ දක්ෂතා දැක්වූ ශිල්පීන්ට ත්‍යාග හා මුදල් පිරි නැමීම ජනපති ප්‍රධානත්වයෙන් සිදු කෙරයි.
මහනුවර ගණදෙවි කෝවිළ ඉදිරි පිටින් පෙරවරු 11.52 ට පිටත්වන සිව් මහ දේවාළ පෙරහර දළදා වීදිය,ඊ.එල් සේනානායක වීදිය,කන්දේ වීදිය ඔස්ස් ඩී.එස් සේනානාය වීදියේ මංසන්ධියට පැමිණෙයි.ගෙඩිගේ විහාරයෙන් පස්වරු 3.12 ට පිටත්වන ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර හා එක්වන සිව් මහ දේවාළ පෙරහර ඩී.එස් සේනානාය වීදිය ඔස්සේ ඉදිරියට ගමන් ගෙන පන්සල පාර,දේව වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් මාලිගා චතුරස්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණාකොට ගෙවැදීමට නියමිතය.
(Dinamina)