Wednesday, May 15, 2024
Follow Us
මීළඟ ඡන්දය : ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසයි. විභාගය 23 දා සිට !

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි මතය විමසා ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

තමන්ට ලැබුණු නිල නොවන තොරතුරු අනුව මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙහි විභාගය අගෝස්තු 23 වනදා සිට ආරම්භ වනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

එම විභාගය ආරම්භ වී සතියක් හෝ දින 10ක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය ප්‍රකාශයට පත් කරනු ඇති බව පැවසූ ඒ මහතා ඒ අනුව පළාත් සභා මැතිවරණය මුලින් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවත් සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට දින 50ක පමණ කාලයකුත් ජනාධිපතිවරණ සඳහා නම් දින 60ක පමණ කාලයකුත් අවශ්‍ය බව සඳහන් කළ ඒ මහතා පළාත් සභා මැතිවරණය මුලින් කැඳවුවහොත් තමන් එය පවත්වන බවත් මොනම හේතුවක් මත හෝ ජනාධිපතිවරණය ප්‍රමාද වන අයුරින් කටයුතු කිරීමට ද තමන්ට වුවමනාවක් නොමැති බවත් අවධාරණය කළේය.

(Lanka News Web)