Saturday, May 10, 2025
Follow Us
ගාමිණී හා සියඹලාපිටිය හෙට ජනපති කොමිසමට

මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සිදුව ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාට හෙට (13) ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

එමෙන්ම ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ හිටපු විදුලිබල අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සියඹලාපිටිය මහතා හෙට පෙනී සිටිමට නියමිතව ඇත ඒ විදුලිබල මණ්ඩලයේ විදුලි ධාරිතා මිළදී ගැනිමේදි සහ බලාගාර සඳහා ඉන්ධන ලබා ගැනිමේදි සිදුවු වංචා දුෂණ සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීමටය.

(Aruna)