Saturday, July 05, 2025
Follow Us
ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් ධුරය අත්හරී!

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිය ෆීල්ඩ් මාර්ෂල් ධූරය අත්හැර දැමීමට සූදානම් වනබව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග වලට අනුව ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ පසුගිය දා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලකට පිළිවෙළින් අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් සහ මාර්ෂල් ඔෆ්ද එයාර් ෆෝ්ස් යන ඉහළම තනතුරු හිමි වීමයි.

එය සරත් ෆොන්සේකාට හිමි වූ හමුදාවේ ඉහළම තනතුර වන ෆීල්ඩ් මාර්ෂල් තනතුරට සමාන තනතුරු දෙකකි. එම තනතුරු දෙක ලබා දීම සම්බන්ධයෙන් තමා තුළ කලකිරීමක් ඇතැයි සරත් ෆොන්සේකා මහතා පවසා ඇති බව වාර්ථා වේ.

(Lanka Leads)