Sunday, May 11, 2025
Follow Us
ඉන්ධ මිල සංශෝධනය අඟහවරුවාදා

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම සෑම මසකම 10 වැනිදා සිදු කරයි. කෙසේ වෙතත් මෙවර මිල සංශෝධනය ලබන අඟහරුවාදා (13) වැනිදා දක්වා කල් දමා තිබේ.

දීර්ඝ සතිඅන්තයක් ක්‍රියාත්මක වන බැවින් මිල සංශෝධනය සිදු කිරීඹ අඟහරුවාදා දක්වා කල් දැමීමට තීරණය කර ඇති බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ.

පසුගිය ජූලි මස මිල සංශෝධනයේදී ඔක්ටේන් 92 පෙට්‍රල් මිල රුපියල් 2 කින් හා ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රුපියල් 5 කින් පහත දැමිණි. ඊට අමතරව සුපර් ඩීසල් ද රුපියල් 5 කින් පහළ ගියේය.

(LNW)