Sunday, May 11, 2025
Follow Us
පොදු ව්‍යාපාරික කාරක සභාව හෙට සිට මාධ්‍යයට විවෘතයි

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව ඇතුළු ආංශික අධීක්ෂණ කාරක සභා කමිටුව හෙට (09) සිට මාධ්‍යයට විවෘත කරන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

අද පාර්ලිමේන්තු සැසිවාරයේදී කථානායකවරයා කියා සිටියේ කෝප් කමිටුවේ තොරතුරු වගකීමෙන් යුතුව මාධ්‍යයට තොරතුරු වාර්තා කරන ලෙසයි.

පාර්ලිමේන්තු කටයුතු අද පෙරවරු 10.30ට කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

නමුත් අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ වෙනස්කම් කිහිපයක් සිදුව ඇත.

ඒ, හිටපු අමාත්‍ය සාලින්ද දිසානායක මහතාගේ අවමංගල්‍ය උත්සවය හේතුවෙනි.

(Aruna)