Monday, September 16, 2024
Follow Us
රසායනික පොහාර ගෙන්වීමට නව මුදල් ඇමති තීරණය කරයි !

රසායනික පොහොර ආනයනය කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවීමේ ආණ්ඩුවේ තීරණය ලිහිල් කිරීමට නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පූර්ණ කර රටට අවශ්‍ය කාබනික පොහොර රටතුළ නිපදවීම ආරම්භ කරන තෙක‍්, සීමාවන්ට යටත්ව රසායනික පොහොර ආනයනය සඳහා අවසර ලබාදීමටයි තීරණය කර තිබෙන්නේ.

රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමග ගොවීන්ගෙන් ආණ්ඩුවට දැඩි විරෝධයක් එල්ල වූ අතර නිරෝධායන නීති නොතකා උද්ඝෝෂණ පැවැත්වීමටද ගොවි සංවිධාන කටයුතු කළේය. ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ කාබනික පොහොර භාවිතා කර ගොවිතැන් කිරීම දීර්ඝකාලින ක්‍රියාවලියක් හෙයින් එකවර රසායනික පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙන් ගොවීන් දැඩි අසරණ තත්වයකට පත්ව සිටින බවයි.

පවතින ගැටලු පිළිබඳවද සලකා බලා රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදීමටයි තීරණය කර තිබෙන්නේ. කෙසේ නමුත් කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමේ හා කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත්ව සිදුකිරීමටත් හැකි ඉක්මනින් රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන් අත්හිටුවීමටත් මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

(LNW)