Monday, April 29, 2024
Follow Us
මන්ත්‍රීවරුන්ට තවත් ලක්ෂ දෙකක දීමනාවක් දෙන්න ගියා. මම නැවැත්තුවා - ජනපති

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා දැනට ලබාදෙන වැටුප් සහ දීමනාවලට අමතරව තවත් රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් ලබාදීමට ආණ්ඩුවෙන් ගෙන ආ යෝජනාවක් තමන් තරයේ ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (06) උදෑසන කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් වුණු බවත් එය අනුමත කරන්නැයි තමන්ට විශාල බලපෑමක් ද එහිදී එල්ල වුණු බවත් පැවසූ ජනාධිපතිවරයා අමාත්‍යවරුන් සහ තමන් අතර යම් වාදයක් ද සිදුවූ බවයි සඳහන් කළේ.

කෙසේවෙතත් දැනටත් දීමනා සමඟ මාසිකව රුපියල් ලක්ෂ 4ක පමණක් මුදලක් සම්පූර්ණ වැටුප් ලෙස ලබාගන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවත් රුපියල් ලක්ෂ 2ක් ගෙවීමට තමන්ට කිසිසේත්ම එකඟවිය නොහැකි බැවින් තමන් එම යෝජනාවට අත්සන් තැබීම තරයේ ප්‍රතික්ෂේප කළ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ පස්වරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමිනි.

(LNW)