Sunday, May 11, 2025
Follow Us
මට බනින්නෙපා... මොකටද දහ ජරාව බොන්නේ : නීතිවිරෝධී මත්පැන් බී මියගිය පුද්ගලයින් ගැන ජනපති කියූ දේ

බොහෝ අය මත්ද්‍රව්‍ය මර්ධනය කියන ගොඩක් අය මොකක්ද කියලා දන්නේ නැහැ. මරණ දඬුවම ගෙනාවම අපේ ආණ්ඩුවේම කට්ටිය ඒකට විරුද්ධව යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒක සම්මත කර ගන්න හදන්න යනවා කියලා දැන ගන්න ලැබුනා. නමුත් පසුගියදා මරණ දඩුවම අහෝසි කිරීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාව නීත්‍යනුකූල නොවන බවට නීතිපති වාර්තාවක් එවා තිබෙනවා. ඒ නිසා මගේ සිතට සතුටක් දැනුණා යැයි රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ ගම්පහ දිවුලපිටිය ක්‍රීඩාංගනයේ පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (05) ප්‍රකාශ කර සිටියා.

අද මේ මත්ද්‍රව්‍ය උවදුර නිසා විනාශ වෙන්නේ රටේ ජනතාවගේ ජිවිත. මත්ද්‍රව්‍ය විරෝධි සටනට විරුද්ධව නැගෙන හඬ හමුවේ වඩාත් සතුටට පත්වන්නේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සහ ස්ත්‍රී දුෂකයින් බව මෙහිදී ජනාධිපතිවරයා සදහන් කළා.

"අද මත්ද්‍රව්‍ය ප‍්‍රශ්නය දරුණුයි. උදේ පුවත්පත් බලද්දී මම දැක්කා ගම්පහ දිස්ති‍්‍රක්කයේ මීරිගම කසිප්පු බීලා දහයක් මැරිලා කියලා. මෙහෙම කිව්වාට මට බනින්න එපා. එහෙම වුණාට කමක් නැහැ. මොකටද දහ ජරාව බොන්නේ. නීති විරෝධීමත් ද්‍රව්‍ය රට පුරා පැතිරිලා. බීලා විස වෙලා මැරෙන එක අද ඊයේ කාරණයක් නොවෙයි" ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

මුතුරාජවෙල පරිසර විනාශයට වත්මන් ආණ්ඩුවේ ද ඇතැම් ඇමතිවරු සම්බන්ධ බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් මෙම දැවැන්ත පරිසර විනාශය වළක්වනා ගත යුතු බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

(Neth News)