Tuesday, July 01, 2025
Follow Us
මෛත්‍රීට ඌව -කීර්තිට මධ්‍යම-හේමාල්ට දකුණ ඉල්ලා අස්වු ආණ්ඩුකාරවරු යළි දිවුරයි

කීර්ති තෙන්නකෝන්, මෛත්‍රී ගුණරත්න සහ හේමාල් ගුණසේකර නව ආණ්ඩුකාරවරුන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ජනාධිපති නිල නිවසේදී එම දිවුරුම්දීම් සිදු වූ බවයි.

කීර්ති තෙන්නකෝන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද , මෛත්‍රී ගුණරත්න ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද හේමාල් ගුණසේකර දකුණු පළාතෙත් ආණ්ඩුකාරවරයා ලෙස ද දිවුරුම් දී තිබේ.

(Lanka Leads)