Monday, May 12, 2025
Follow Us
ඇමති හරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මිලියන 60ක අල්ලසක් අරන් !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා සහ දූෂණ ගැන විමර්ශනය කරන ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද එම ආයතනයෙන් රුපියල් මිලියන 60ක මුදලක් මෑතකදී ලබාගෙන ඇති බව වාර්තා වේ.

බදුල්ල ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා බව පවසමින් මෙම මුදල අමාත්‍යවරයා විසින් ලබාගෙන තිබේ.

මෙය බදුල්ලේ ක්‍රිකට් දියුණු කිරීමට ගත් උත්සාහයක් ලෙස පෙන්වා දීමට ඇමතිවරයාට හැකියාව ඇතත් යම් ආයතනයක දූෂණ වංචා පිළිබඳව තමන්ම විමර්ශනයක් සිදු කරන මොහොතක ඒ ආයතනයෙන්ම මුදල් ලබාගැනීම බරපතළ ගැටළුවක් වන අතර එය පැහැදිලිවම අල්ලස් ලබාගැනීමකි.

මන්දයත් ඒ හරහා ලැදියාවන් අතර ගැටුමක් නිර්මාණය වී සාධාරණ, අපක්ෂපාතී විමර්ශනයක් පිළිබඳ අපේක්ෂාව බිඳවැටෙන හෙයිනි.

මේ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ලංකා නිව්ස් වෙබ් අපි නුදුරේදීම හෙළිකරන්නෙමු.

(LNW)