Wednesday, May 14, 2025
Follow Us
නිලධාරීන් මට කිව්වා නම් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා - ජනපති

තොරතුරු ලද මොහොතේ නිලධාරීන් සිය වගකීම් නිසි ලෙස ඉටු කළේ නම් සහ ජනාධිපතිවරයා ලෙස තමන්ව දැනුවත් කිරීමට කටයුතු කළේ නම් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට තිබුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එහෙත් නිලධාරීන් ඔවුන්ගේ වගකීම් ඉටු නොකිරීම නිසා අවසානයේ තමන්වත් වැරදිකරුවකු කළ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ප්‍රහාරය පිළිබඳව ජනාධිපතිවරයා තොරතුරු කලින් දැනසිටි බවට අභූත චෝදනා එල්ල කරමින් නිවැරදි වීමට උත්සාහ කළ ඒතරම් කුහක නිලධාරීන් පිරිසක් ද සිටි බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ආරක්ෂාව භාරව සිටි නිලධාරීන් ඔවුන්ගේ වගකීම් නිසි ලෙස ඉටු කළේ නම් ජීවිත බේරාගැනීමේ හැකියාව තිබුණු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (30) නෙළුම් පොකුණ රඟහලේ පැවති සාමය, සමගිය සහ සහජීවනය පිළිබඳ ජාතික සමුළුව අමතමිනි.

(LNW)