ආනයනය කරනු ලබන සියලුම මත්පැන් වර්ග සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක ස්ටිකරයක් හඳුන්වා දී තිබෙනවා. මෙම ආරක්ෂක ස්ටිකරය අලවා නොමැතිව ආනයනික මත්පැන් සන්තකයේ තබාගැනීම, ප්රවාහනය කිරීම, ගබඩා කිරීම සහ විකිණීම මින් පසු තහනම් වන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ.
ශ්රී ලංකාවට මත්පැන් ආනයනය කරන ආයතන 23ක් තිබෙනවා. ගුවන් තොටුපලේ බදු රහිත සාප්පු සංකීර්ණවලට මතපැන් ආනයන කරන ආයතන 02ක් ද තිබෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ. එම ආයතන විසින් ද අලෙවි කරනු ලබන සියලු මත්පැන් බෝතලවල ආරක්ෂක ස්ටිකරය ඇලවිය යුතු බව මෙහිදී අවධාරණය කෙරුණා. නීති විරෝධීව මත්පැන් ආනයනය තහනම් කිරීමත් ප්රමිතියෙන් බාල මත්පැන් ආනයනය වළක්වාලීමත් මෙම නව රෙගුලාසිවල අපේක්ෂාවයි.
(NEth)