Saturday, April 25, 2026
Follow Us
කෑගල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාසල් වසා දැමේ

පළාත් සභාව යටතේ පාලනය වන කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා දැමීමට තීරණය කර තිබේ.

සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සදහන් කළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අප්‍රේල් 30වැනිදා දක්වා වසා දැමීමට පියවර ගෙන ඇති බවයි.

මේ වන විට පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

(Aruna)