Sunday, January 18, 2026
Follow Us
සීමා පැනවූයේ නම් ජනතාවගේ සංචරණ නතර කිරීමට තිබූ බව රාජ්‍ය ඇමති සුදර්ශනි කියයි

මෙම සති අන්ත නිවාඩුවේ පළාත් අතර සංචරණ සීමා පැනවීමට හැකිවූයේ නම් ජනතාවගේ විනෝද චාරිකා හා අනවශ්‍ය ගමන් නතර කර ගැනීමට හැකිව තිබූ බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. ආගමික හා සංචාරක ස්ථාන ආශ්‍රිතව ජනතාව වැඩිවශයෙන් එක්රැස්වී සිටීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරිය මේ බව කියා සිටියා.

මේ අතර සති අන්ත දීර්ඝ නිවාඩුව හේතුවෙන් ඊයේ දිනයේද ආගමික හා සංචාරක ස්ථාන ආශ්‍රිතව වැඩි වශයෙන් ජනතාව රැදී සිටින ආකාරයක් දක්නට ලැබුණා. කෙසේවෙතත් කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂාවීම සදහා ලබන මැයි මස 31 වනදා දක්වා ක්‍රියාකළයුතු ආකාරය ඇතුළත් සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවක් ඉකුත්දා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළා. එහෙත් ඊට අනුගත නොවෙමින් ජනතාව මෙම සති අන්ත දීර්ඝ නිවාඩුවේ කටයුතු කරමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

(Neth)