Monday, March 09, 2026
Follow Us
ඉදිරි සති දෙක තුළ සියලු උත්සව තහනම් වෙයි

(25) දින සිට ඉදිරි දෙසතිය තුල පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර තිබේ.

එසේම ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට නියමිත පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණ කර ඇත.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එම පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

කෙසේ නමුත් කොවිඩ් නීති රේගුලාසීන්ට අනුකූලව මංගල උත්සව පැවැත්වීමට බාදාවක් නොවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත.

(Aruna)