රටේ ජනතාවගෙන් සියයට 90 කට වැඩි පිරිසක්, මත්ද්‍රව්‍ය විරෝධී සටනේදී තමා සමග සිටින බවත්, තමා කිසිසේත්ම තනි වී නොමැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද (29) රත්නපුර ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම හිමිව සිටින පුද්ගලයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ අවස්ථාවේදී ඊට එරෙහිව ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු විරෝධය පළ කළද සාමාන්‍ය ජනතාවගෙන් ඔවුන්ට කිසිදු සහායක් නොලැබෙන බවයි ජනාධිපතිවරයා පවසන්නේ. කෙසේ වෙතත් ආණ්ඩුවේ වගකිව යුතු ඇමතිවරුන් මරණ දඬුවමට එරෙහිවීම හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන්, දූෂිතයන් ජයපැන් බීමට පටන් ගෙන ඇති බව ද ජනාධිපතිවරයා පවසයි.
තමා සියලු තීන්දු තීරණ ගන්නේ රටේ අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනැගීමට බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා දේශපාලනඥයා ද, රාජ්‍ය නිලධාරියා ද උගතුන් බුද්ධිමතුන් සියලුදෙනා අද දවසේ මාතෘභූමිය වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම නිසි ලෙස ඉටු කිරීමට පෙරට ආ යුතු බවද කියා සිටියේය.
(LNW)