Sunday, January 18, 2026
Follow Us
පාසල් වහන තීරණය සෞඛ්‍ය කමිටුවට

පවතින කොවිඩ් ව්‍යාප්ති තත්ත්වය මත පාසල් වසා දමන්නේ ද යන්න පිළිබඳ තීරණය කිරීමේ බලය පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුවට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ‘අරුණ’ට ඊයේ (25 වැනිදා) පැවසීය.

විදුහල්පතිවරුන්ගේ සභාපතිත්වයෙන් ඉකුත් ජනවාරි මස සිට පත් කර ඇති මෙම කමිටුවට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ද ග්‍රාම නිලධාරි මෙන් ම දෙමව්පියන් ද ඇතුළත් වන බවත් ලේකම්වරයා කීවේය. මෙම කමිටුව ඕනෑම අවස්ථාවක කැඳවීමේ බලය විදුහල්පතිවරයාට ඇත.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හදිසියේ නිකුත් කරන නිවේදනයකදී හැර අන් සියලුම අවස්ථාවන්හි දී කොවිඩ් වයිරසයට අදාළව පාසල් ක්‍රියාත්මක කළ යුතු වන්නේ මෙම කමිටුවේ තීරණ මත යැයි ද ලේකම්වරයා කීවේය. පාසල් වසා දැමීම ක්ෂණිකව කළ හැකි වන නමුත් යළි ආරම්භ කිරීම පහසු කාර්යයක් නොවන බව මහාචාර්යවරයා සඳහන් කළේය.

(Aruna)