Sunday, January 18, 2026
Follow Us
ගෑස් මිල වැඩි කිරීමට කිසිසේත් ඉඩ ලබා දෙන්නේ නැහැ - රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

කිසිදු අවස්ථාවකදි ගෑස් මිල වැඩි කිරීමට කටයුතු නොකරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ලෝක වෙලදපොළේ ගෑස් මිල ඉහල යාම හේතුවෙන් සමාගම් පත්ව ඇති අපහසුතා සම්බන්ධයෙන් රජයෙන් සහන ලබා දීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර නෙත් නිවුස් ඉකුත් අනාවරණ කළේ මෙරට ගෑස් මිල ගණන් ඉහල දැමිය යුතු බවට ගෑස් සමාගම් රජයෙන් ඉල්ලා සිටි බවයි. ඔවුන් කියා සිටියේ ගෑස් මිල වැඩි නොකළහොත් සිය ව්‍යාපාර දැඩි අර්බුධයකට පත්වන බවයි. ඒ, දිගින් දිගටම ලෝක වෙළදපොලේ ගෑස් මිල ගණන් ඉහල යාම හේතුවෙන්.

ඉකුත් වසරේ මේ කාලය වනවිට ගෑස් මෙටි්‍රක් ටොන් එකක මිල පැවතුණේ ඩොලර් 304ක් ලෙසයි. මේ වන විට එය ඩොලර් 605 දක්වා ඉහල ගොස් තිබෙනවා. කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු ගෑස් මිල අඩු කළ අතර ඉන් පසු කිසිදු මිල සංශෝධනයක් සිදු වුයේ නැහැ.

එහෙත් මේ වන විට තම ව්‍යාපාර දිගින් දිගටම පාඩු ලබමින් ඇති බවයි ගෑස් සමාගම් පැවසුවේ. දිගින් දිගටම ඩොලරයේ අගය ඉහල යාමද මෙම පාඩුව තවත් වැඩි වීමට හේතුවක්.

ගෑස් සමාගම් මීට පෙර සඳහන් කළේ අලාභයක් නොමැතිව සිය ව්‍යාපාර පවත්වාගෙන යාමට නම් කිලෝ ග්‍රෑම් 12 දශම 05, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 350කින් ඉහල දැමිය යුතු බවයි.

(Neth)