Sunday, January 18, 2026
Follow Us
තැන තැන යන ජනතාව නතර කරන්න බැරිද - යුද හමුදාපතිගෙන් උත්තර

සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක අංශ සහ රජය කොපමන ඉල්ලීම් සිදු කළද ජනතාවගේ සංචරණයේ අඩුවක් සිදු වී නොමැති බව මේ වන විට පැහැදිලිව පෙනෙන්නට ඇති කරුණක්. ඊට කදිම නිදසුන් සපයමින් අනුරාධපුරය අටමස්ථානය ඇතුලු පුද බිම් මෙන්ම නුවරඑළිය වැනි සංචාරක ආකර්ශණීය ස්ථානද ඊයේ දිනයේ දේශීය සංචාරකයින්ගෙන් පිරී ගියා. ඒ, නව කොරෝනා වෛරස් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය පවා නොතකමින්. ඉකුත් අලුත් අවුරුදු සමයේද සිදු වුයේ මීට සමාන තත්ත්වයක්. එහිදීද සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක අංශ සහ රජය කොපමන ඉල්ලීම් සිදු කළද ජනතාව දිගින් දිගටම සංචරණය සිදු කළා.

රටත්, ජනතාවත් දැඩි අවධානමක් ඉදිරියේ සිටින මේ මොහතේ ඉල්ලීම්වලින් පමණක් නොනැවතී ජනතාවගේ සංචරණය සීමා කිරීමට වෙනත් පියවර ගත නොහැක්කේ ඇයි? ඒ සම්බන්ධයෙන් කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් නෙත් නිවුස් සෘජුව ප්‍රශ්ණ කළා.

අත්‍යාවශ්‍ය දේ කුමක්ද? අනවශ්‍ය දේ කුමක්දැයි ජනතාව මේ වන විට දැඩිව සිතා කටයුතු කළ යුතු බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

පවතින තත්ත්වය සලකා සිවිල් ඇදුමින් සැරසුනු නිලධාරීන් යොදවා අද සහ හෙටද රටපුරා විශේෂ මෙහෙයුම් සිදු කරන බවයි පොලිසිය ද පවසන්නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ රෝග ව්‍යාප්තිය පාලනයට ශ්‍රී ලංකාවට තවමත් හැකියාව ඇති බවයි.

නිරෝධායන රීති හා සෞඛ්‍ය උපදෙස් දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

රජයේ පාර්ශවය වෙනුවෙන් අදහස් දැක්වූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ රටේ දැන් පවතින තත්ත්වය සතුටු දායක නොමැති බවයි.

අනුරාධපුර පූජා භූමියට නොපැමිණෙන ලෙස ඉල්ලීම් කර තිබියදීත්, ඊයේ පූජා භූමියට පැමිණි පිරිස අතර සිටි 100 දෙනෙකුට ඡක්‍ඍ හා ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබෙනවා. එහිදී ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් කළ වන්දනා නඩයක ප්‍රධානියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. ඔවුන් පැමිණ තිබුණේ නිකවැරටිය ප්‍රදේශයේ සිටයි.

(Neth)