රෝනා 3 වන රැල්ලක් මතුවීමේ අවදානමක් පවතින බැවින් යළිත් මගී ප්‍රවාහන සේවාවන්හි සෞඛ්‍ය නීති දැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට ආසන ගණනට පමණක් බස් රථ මගීන් ප්‍රවාහනය කරන්නේ දැයි සොයා බැලීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.
බස් රථ සේවකයින් සෞඛ්‍ය නීති උල්ලංඝණය කලහොත් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කරන ලෙසයි මෙහිදී මගීන්ගෙන් ඉල්ලීමක් කළේ.
මේ අතර කුරුණෑගල, ගනේවත්ත දුම්රිය ස්ථානයේ අද සිට කිසිදු දුම්රියක් නතර නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කොරෝනා ව්‍යාප්තිය හමුවේ ගනේවත්ත අවට ගම්මාන 5 ක් හුදෙකලා කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.
(Neth)