Monday, May 12, 2025
Follow Us
මුස්ලිම් මන්ත්‍රිවරු යළි අමාත්‍ය ධූරවල දිවුරුම්දීම අද පස්වරුවේ

අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්තී‍්‍රවරුන් යළි අමාත්‍යධූර භාර ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (29) පස්වරුවේ අදාළ මන්ත්‍රිවරුන් යළි අමාත්‍ය ධූරවල දිවුරුම් දීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එච්.එම් ෆවුසි තහවුරු කළේ.

ඊයේ (28) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග මෙම මුස්ලිම් මන්තී‍්‍රවරුන් සාකච්ඡාවකද නිරත වුණා.

මේ අතර මෙම මුස්ලිම් නියෝජිතයින් අද (29) පෙරවරුවේ අමාත්‍ය වජිර අබේවර්ධන හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. කල්මුණේහි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නිර්ණය කර ඇති ආකාරය සම්බන්ධයෙන් මුස්ලිම් මහජන නියෝජිතයින් ඉකුත් දා ප‍්‍රශ්නයක් මතු කළා.

මෙම මුස්ලිම් නියෝජිතයින් සහ අමාත්‍ය වජිර අබේවර්ධන අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී ඊට අදාළව එකඟතාවක් ඇතිවී තිබෙන බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසුවේ. තනතුරු අත්හල මුස්ලිම් අමාත්‍යවරුන්ගේ යළි දිවුරුම් දීම ඒ අනුව සිදුවනු ඇතැයි ද වාර්තා පළ වනවා.

(Neth)