Sunday, January 18, 2026
Follow Us
කිසිඳු ලොක්ඩවුන් කිරීමකට හෝ සංචරණ සීමා පැනවීමකට තීරණයක් ගෙන නෑ - සෞඛ්‍ය අංශ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවැති කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකා රැස්වීමේදී රට තුළ යළි කොරා්නා වෛරසය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් තීන්දු තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.

ඒ අනුව පවතින අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ වෙත පවසා ඇති බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම කිසිඳු ලොක්ඩවුන් කිරීමකට හෝ සංචරණ සීමා පැනවීමකට තීරණයක් ගෙන නොමැති බව ද සෞඛ්‍ය අංශ පවසනවා.

එහෙත්, ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන උත්සව නතර කිරීමට පියවර ගන්නා ලෙසට ද මෙම රැස්වීමේදී ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

අද පැවැති මෙම රැස්වීමේදී ගත් තීන්දු තීරණ පිළිබඳ අද පස්වරු 03 ට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී කරුණු ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

(Neth)