Sunday, January 18, 2026
Follow Us
ඉදිරියේදී දිවයිනේ සංචරණ සීමා පැනවීමට සිදුවේවි – නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සේවා) විශේෂඥ වෛද්‍ය එම්. ආනල්ඩ් සඳහන් කර සිටියේ කොවිඩ් 19 ආසාදිතයන් ඉහළ යෑම හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ සංචරණ සීමා පැනවීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි.

එසේම ඉදිරියේදී මෙරටට ගෙන්වන විදේශගත ශ්‍රී ලාංකිකයන් සීමා කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍ය ආනල්ඩ් නිරෝධායන මධ්‍යස්ථානවල ධාරිතාව ඉක්මවා තිබීම ඊට හේතුව බවද පෙන්වා දුන් අතර ඉදිරියේදී එළැඹෙන වෙසක් සහ පොසොන් උත්සවවලදී ජනතාව බහුලව ගැවසීම අවම කිරීම සඳහා අනිවාර්යයෙන්ම සීමා කිරීම් පනවන බව ද ප්‍රකාශ කර සිටියා.

(Lanka Leads)