Sunday, January 18, 2026
Follow Us
මතුවට එන රූ රැජනලා නියාමනයක් රජයෙන්

ජාතික මට්ටමේ රූ රැජන තරග රජයේ නියාමනය මත සිදු කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇත.

කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා පැවසුවේ මින් මතුවට ‘ශ්‍රී ලංකා’ නාමය භාවිත කරන්නේ නම් ඒ පිළිබඳ නිමායනය කිරීමට මෙන්ම පසු විපරමක් කිරීමට ද කටයුතු කරන බවයි.

පසුගියදා පැවැති විවාහක රූ රැජන තරගයේදී ඇති වූ සිදුවීම මගින් ශ්‍රී ලංකාවට මහත් අපකීර්තියක් අත් වූ බවත් එවැනි සිදුවීම් මතුවට සිදු නොවන අයුරින් කටයුතු කිරීමට අවධානය යොමුවූ බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ලෝක විවාහක රූ රැජන වන කැරොලයින් ජූරි එම කිරුළ ආපසු භාරදීම නිසා එම තරගයේ දෙවන ස්ථානයට පත්ව සිටි අයර්ලන්තයේ රූ රාජනිය වෙත ලබාදීමෙන් සමස්ත ශ්‍රී ලාංකික කාන්තා ප්‍රජාව ලෝකය ඉදිරියේ අපහසුතාවට පත්වී තිබේ යැයි ඇමැතිවරයා කීය.

(Aruna)