Sunday, May 05, 2024
Follow Us
පාස්කු ප්‍රහාරයෙන් පාඩම් ඉගෙනගෙන නැවත මෙවැන්නක් නොවන ආකාරයට සියලු දේ සිදුකර තිබෙනවා – ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න

පසුගිය යහපාළන සමයේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාව වනවිට අප රටේ බුද්ධි අංශ සෑහෙන දුරට අඩපණවී තිබුණ ද ක්‍රියාත්මකව තිබූ බුද්ධි අංශ වලට මේ සම්බන්ධයෙන් පූර්ව දැනුම්දීම් කර තිබූ තත්වයක් තුළ ජාතික ආරක්ෂාවේ නාමයෙන් ගතයුතුව තිබූ තීන්දු තීරණ නොගැනීම නිසා එම අවාසනාවන්ත සිදුවීම් සිදුවූ බව අත්තනගල්ල රජමහා විහාරයේ ඊයේ පැවති පිරිත් පිංකමකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේය.

ඒ සියල්ලෙන්ම පාඩම් ඉගෙනගෙන නැවත මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිදු නොවන ආකාරයට අවශ්‍ය වැඩකටයුතු සියල්ල මේ වනවිට සිදුකර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

(Lanka Leads)