Sunday, January 18, 2026
Follow Us
වරාය නගර පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේ දී සංශෝධනය කිරීමට නියමිතයි

පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේ දී සංශෝධනය කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් පි.බි. ජයසුන්දර මහතා නීතිපතිවරයා වෙත දැනුම් දුන් බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී .

ඒ අනුව සංශෝධනය කිරීමට නියමිත වගන්ති වගන්ති වල පිටපත් පාර්ශවයන් වෙත යොමු කරන ලදී .

ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ බහුතර සාමාජිකයන් ශ්‍රී ලාංකිකයන් විය යුතු බවට ඇතුළු සංශෝධනය රැසක් පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේ දී සංශෝධනය කිරීමට ජනාධිපති ලේකම්වරයා නිර්දේශ කර ඇත.

(Neth)