Sunday, January 18, 2026
Follow Us
නව සංචාරක කලාප හඳුනා ගැනීමට පියවර

දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් නව සංචාරක කලාප හඳුන්වා දීමට තීරණය කර ඇත.

එම නව සංචාරක කලාප හඳුනා ගැනීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය. එම කලාප හඳුනා ගැනීමෙන් පසු ඒවා නව සංචාරක කලාප ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිතයි.

නුවරඑළිය, ඇල්ල, ආරුගම්බේ, පාසිකුඩා, කල්පිටිය, යාල සහ බෙන්තොට මේ වන විටත් සංචාරක කලාප ලෙස ගැසට් කර ඇත.

මේ අතර සංචාරක සංවර්ධන අධිකාරිය මේ වනවිට දිවයින පුරා නව සංචාරක ආකර්ෂණීය ස්ථාන හය දහසකට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.

ලබන මාසය පමණ වනවිට එම ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ඇමැතිවරයා විශ්වාසය පළ කළේය.

(Aruna)