Sunday, January 18, 2026
Follow Us
පාසල් අද ඇරැඹුණත් සිසු සීමාව වෙනස් නොවේ

පන්තියක සිසුන් සංඛ්‍යාව සීමා කිරීමේ ක්‍රමවේදය තවත් සති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සිදු වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ‘අරුණ’ට ඊයේ (18 වැනිදා) පැවසීය.

සියලු පාසල්වල දෙවැනි වාරය අද (19 වැනිදා) ආරම්භ කෙරෙන අතර පන්තියක සිසුන් සංඛ්‍යාව පහළොවට අඩු නම් සියලුම සිසුන් දිනපතා කැඳවීමට හැකියාව ලැබේ. සිසුන් 16-30ත් අතර සිටින්නේ නම් කණ්ඩායම් දෙකක් වශයෙන් බෙදා සිසුන් කැඳවිය යුතු බව ලේකම්වරයා සඳහන් කළේය. එමෙන් ම සිසුන් සංඛ්‍යාව 30ට වැඩි නම් කණ්ඩායම් තුනක් වශයෙන් බෙදා සිසුන් කැඳවිය යුතුය.

මෙම ක්‍රමවේදය දිගින් දිගටම ක්‍රියාත්මක වන්නේ නම් විෂය නිර්දේශ ආවරණය කිරීම සඳහා අතිරේක දින යොදා ගැනීමට සිදු වන බවත් කී මහාචාර්යවරයා කෙසේ වුව ද පවතින සෞඛ්‍ය නිර්දේශ ඉදිරි සති කිහිපයේ දී ලිහිල් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේය.

උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසය දක්වා කල් දැමීමට පියවර ගත් හෙයින් අගෝස්තු පාසල් නිවාඩුවද ඔක්තෝබර් මාසය දක්වා කල් දැමේ.

(Aruna)