විශ්වවිද්‍යාල විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙම සතියේ දී නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අපේක්ෂා කරයි.
මෙම නිර්දේශ තීරණය කිරීමේ සාකච්ඡාවක් උපකුලපතිවරුන්ගේ සහභාගිත්වයෙන් අද (19 වැනිදා) පැවැත්වේ. මෙම සාකච්ඡාවේ දී තීරණය කරන නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද අනුමැතියට ඉදිරිපත් කර නිකුත් කිරීමට නියමිත ය.
සිසුන් විශ්වවිද්‍යාලවලට කැඳවීමට ඇති ප්‍රධාන ම ගැටලුව නේවාසිකාගාර පහසුකම් හෙයින් ඒ සම්බන්ධයෙන් මෙම සාකකච්ඡාවේ දී අවධානය යොමු කෙරෙන බව කොමිෂන් සභා ආරංචි මාර්ග කීවේය.
මේ අතර අධ්‍යයන කටයුතු සඳහා සිසුන් කැඳවීම සබරගමුව විශ්වවිද්‍යාලය අද සිට ආරම්භ කරයි.
(Aruna)