පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට කිසිවෙකුත් බිය විය යුතු නැතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.
කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් සියලු කටයුතු සිදුවන්නේ මෙරට නීතියට අනුව හා විනිවිදභාවයෙන් යුක්තව බවයි අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.
කොළඹ වරාය නගරය ශ්‍රී ලංකා පාලනයෙන් ගිලිහී නොයන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.
කෙසේවෙතත් එම කොමිසමට ලබාදී ඇති බලතල හරහා කොළඹ වරාය නගරයේ සාර්ථකතවයක් දැකිය නොහැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ.
මේ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අස්ගිරි හා මල්වතු පාර්ශව මහා නාහිමිවරුන් අද දැනුවත් කළා.
ඒ, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් විසින් මහනුවරදී උන්වහන්සේ බැහැදැකීමෙන් අනතුරුවයි. ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.
(Neth)